බුදු රජාණන් වහණ්සේගේ ඇස කණ නාසය දිව කය මනස සියල්ලෙන්ම ඇලෙන්නෙ ගැටෙන්නෙ මුලාවෙන්නෙ නැතිව සියල්ලෙන්ම නිදහස්වූ රහතන් වහන්සේ නමක් නිසා අරහං වන සේක.
ගුරැ උපදේශ නැතිව තනිවම ධර්මය අවබෝධ කල නිසා සම්මා සම්බුද්ධ වන සේක.
අවිද්‍යාව දුරැකොට සියලුම ඤානයන් උපදවා ගත් නිසා විජ්ජාචරණ සම්පන්න වන සේක.
සුන්දරවූ නිවන් මග අවබෝධ කල නිසා සුගත වන සේක.
කාම රෑප අරෑප යන තුන් ලෝකයම අවබෝධ කල නිසා ලෝකවිදූ වන සේක.
ඕනෑම තරාතිරමක දෙවි මිනිසුන් දමනය කල නිසා පුරිසදම්මසාරථී වන සේක.
දෙවියන්ගේත් මිනිසුන්ගේත් සාස්තෲ වන නිසා සත්ථා දේවමනුස්සානං වන සේක.
උන් වහන්සේ අවබෝධ කල ධර්මය අඩුවක් නැතිව බෙදා දුන් නිසා බුද්ධ වන සේක.
සියල්ලන්ගේම වැඳුම් පිදුම් ලැබීමට තරම් භාග්‍යවන්ත වන නිසා භගවා වන සේක.
සාදු සාදු සාදු....
ධර්මයේ ගුණ සය ආකාරවේ.
බුදු රජාණන් වහන්සේ දේශනා කල ධර්මය මුල මැද අග පිරිසිදුව මනා කොට දේශනා කළ නිසා ස්වාක්ඛාත වන්නේය.
මේ ඡීවිතයේදී අවබෝධ කල හැකි නිසා සන්දිට්ඨික වන්නේය.
ඕනෑම කාලයක අවබෝධ කල හැකි නිසා අකාලික වන්නේය.
ඇවිත් බලන්න යයි කිව හැකි නිසා ඒහි පස්සික වන්නේය.
තමා තුලට පමුනුවා ගෙන බැලිය යුතු නිසා ඕපනයික වන්නේය.
තම තමන්ගේ ඥාණයේ ප්‍රමානයට අවබෝධ කල හැකි නිසා පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි වන සේක.
සාදු සාදු සාදු......
සඟ ගුණ
සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා මනාවූ ප්‍රතිපදාවට පිලිපන් අයයි.
උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සෘජු ප්‍රතිපදාවෙන් යුක්තයි.
ඤායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා අවබෝධයට නැඹුරුවූ ප්‍රතිපදාවෙන් යුක්තයි.
සාමීචිපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසංඝයා චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාරී දේ පමනක් කථා බස් කිරීමෙන් යුක්තයි.
යදිදං චත්තාරි පුරිස යුගානි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා යුගල වශයෙන් හතරයි.එනම් සෝවාන් සකෘදාගාමී අනාගාමී අරහත්වේ.
අට්ඨපුරිස පුග්ගලා.භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා පුද්ගලයන් වශයෙන් අටයි.
ආහුනෙයියෝ. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයාට දුර ගොස් හෝ දන් දීමට සුදුසුය.
පාහුණෙයියෝ. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ආගන්තුක දානයකට සුදුසුය.
දක්කිනෙයියෝ. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා පින් රැස් කර ගැණීමට දානය දීමට සුදුසුය.
අංජලිකරනෙයියෝ. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වන්දනා මාන කරන්න සුදුසුය.
අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ලොවට උතුම් පින් කෙත වන්නේය.....
සාදු සාදු සාදු....
වැඩිදුරට කියවන්න
ගෞතම සසුනේ පිහිට ලබන්නට
ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලා.
ධර්මය අසන්න ඇසූ ධර්මය දරා ගන්න...
සාදු සාදු සාදු.......................
Friday, January 25, 2013
Tuesday, January 22, 2013
ඡත්ත මානවක ගාථා
බුදුන් දවස ඉන්දියාවේ හිටිය ඡත්ත කියන තරුණයා දිසාපාමොක් ආචාරීන් සමීපයේ ශිල්ප හදාරලා අවසන් කරලා ගුරු පඬුරු අරන් එන්න තමන්ගේ නිවසට පිටත් වුණා. රන් කහවණු ගුරු පඬුරු විදිහට අරගත්තු ඡත්ත ඒවා ගුරුවරයාට භාර දෙන්න නැවතත් ගුරු ගෙදර බලා පිටත්වුණා.
ඉතින් අළුයම් කාලේ ලෝකය වෙත මහා කරුණාවෙන් බලලා තමාගේ පිහිටක් අවශ්‍ය වෙන පුද්ගලයන්ට පිහිටක් වීම බුදු රජාණන් වහන්සේගේ සිරිතක් වෙලා තිබ්බා. ඒ දවසේ බුදු රජාණන් වහන්සේගේ මහා කරුණා ඇසට හසුවුණේ මේ ඡත්ත කියන මානවකයාව.
මේ විදිහට ගුරුවරයාට ගුරු පඬුරු විදිහට රන් කහවණු අරන් යන ඡත්තව අතරමගදී හොරු කණ්ඩායමක් විසින් රන් කහවුණු පැහැර ගැනීමේ චේතනාවෙන් මරාදාන බව බුදුරජාණන් වහන්සේට පෙනුණා. ඡත්තට දිව්‍ය ලෝකේ යන්න පුළුවන් වෙන පිනක් සිදු කරලා දෙන කැමැත්තෙන් බුදුරජාණන් වහන්සේ ඡත්ත ගුරු ගෙදරට යන මාර්ගයේ අතරමැද වැඩ සිටියා.
ඡත්ත බුදු රජාණන් වහන්සේ දැකලා වැඳලා කරුණු කතා බස් කරද්දී බුදු රජාණන් වහන්සේ ඡත්තට තුණුරුවනේ ගුණ කියවෙන ගාථාවන් තුනක් කියාදුන්නා.
මේ තියෙන්නේ ඒ ගාථාවන් තුන සරල සිංහල තේරුමත් එක්ක.
ඉතින් අළුයම් කාලේ ලෝකය වෙත මහා කරුණාවෙන් බලලා තමාගේ පිහිටක් අවශ්‍ය වෙන පුද්ගලයන්ට පිහිටක් වීම බුදු රජාණන් වහන්සේගේ සිරිතක් වෙලා තිබ්බා. ඒ දවසේ බුදු රජාණන් වහන්සේගේ මහා කරුණා ඇසට හසුවුණේ මේ ඡත්ත කියන මානවකයාව.
මේ විදිහට ගුරුවරයාට ගුරු පඬුරු විදිහට රන් කහවණු අරන් යන ඡත්තව අතරමගදී හොරු කණ්ඩායමක් විසින් රන් කහවුණු පැහැර ගැනීමේ චේතනාවෙන් මරාදාන බව බුදුරජාණන් වහන්සේට පෙනුණා. ඡත්තට දිව්‍ය ලෝකේ යන්න පුළුවන් වෙන පිනක් සිදු කරලා දෙන කැමැත්තෙන් බුදුරජාණන් වහන්සේ ඡත්ත ගුරු ගෙදරට යන මාර්ගයේ අතරමැද වැඩ සිටියා.
ඡත්ත බුදු රජාණන් වහන්සේ දැකලා වැඳලා කරුණු කතා බස් කරද්දී බුදු රජාණන් වහන්සේ ඡත්තට තුණුරුවනේ ගුණ කියවෙන ගාථාවන් තුනක් කියාදුන්නා.
මේ තියෙන්නේ ඒ ගාථාවන් තුන සරල සිංහල තේරුමත් එක්ක.
යෝ වදතං පවරෝ මනුජේසු
සක්‍යමුනී භගවා කත කිච්චෝ
පාරගතෝ බලවිරියසමංගි
තං සුගතං සරණත්ථමුපේමි
සක්‍යමුනී භගවා කත කිච්චෝ
පාරගතෝ බලවිරියසමංගි
තං සුගතං සරණත්ථමුපේමි
කතා කරන මිනිසුන් අතර යම් ශ්‍රේෂ්ඨයෙක් වෙයිද, ඒ ජීවිතයේ අවබෝධ කරගත යුතු සියල්ල අවබෝධ කරගත් ශාක්‍ය මුනීන්ද්ර වූ භාග්‍යවතුන් වහන්සේය. අනන්ත අප්‍රමාණ වීර්යයකින්, ධෛර්යයකින් සංසාරයෙන් එතෙරට වැඩි ඒ සුගතයන් වහන්සේව සාදරයෙන් සරණ යමි.
රාග විරාග මනේජමසෝකං
ධම්ම මසංඛත මප්පටිකූලං
මධුර මිමං පගුණං සුවිභත්තං
ධම්මමිමං සරණත්ථමුපේමි
ධම්ම මසංඛත මප්පටිකූලං
මධුර මිමං පගුණං සුවිභත්තං
ධම්මමිමං සරණත්ථමුපේමි
රාගය නැති කරන්නා වූ ශෝක රහිත වූ තෘෂ්ණාව රහිත වූ, පිළිකුල් රහිත වූ අසංකත වූ නිර්වාණ ධර්මය මනා කොට ප්‍රගුණ කළහොත් අනන්ත සුන්දරත්වයක් සාක්ෂාත් කරන ඒ ධර්මය සාදරයෙන් සරණ යමි
යත්ථ ච දින්න මහප්ඵල මාහු
චතුසු සුචීසු පුරිස යුගේසු
අට්ථච පුග්ගල ධම්මදසාසේ
සංඝමිමං සරණත්ථමුපේමි
යම් කෙනෙකුට පිදිමෙන් මහත් ප්‍රතිඵල ලැබේද, ඒ පාරිශුද්ධ වූ මාර්ග ඵල ලාභී උත්තමයන් වහන්සේලා යුගල වශයෙන් වූ හතර දෙනාටයි. උන්වහන්සේලා පුද්ගලයන් වශයෙන් අට දෙනෙක් වේ. ඒ සංඝයා වහන්සේලා සාදරයෙන් සරණ යමි.චතුසු සුචීසු පුරිස යුගේසු
අට්ථච පුග්ගල ධම්මදසාසේ
සංඝමිමං සරණත්ථමුපේමි
එම යුගල හතර නම්.
සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරහත් නම් වෙයි. එම මාර්ගවල ගමන් ගන්නා අයත් පලයට පත්වූ අයත් සමග පුද්ගලයන් අටදෙනෙක් බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වේ..
පරම පූජණීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ ලිපියක් ඇසුරෙන් සකස් කරන ලදී.......
සාදු සාදු සාදු..................................
Subscribe to:
Comments (Atom)

